Thursday, February 12, 2026
Follow Us
හුණුපිටියේදී දුම්රියක මැදිරි දෙකක් වෙන් වෙයි

ප‍්‍රධාන මාර්ගයේ හුණුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී ධාවනය වූ දුම්රියක මැදිරි දෙකක් ගැලවී යාම සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා.

දුම්රිය සාමාන්‍යාධිකාරී, ඉංජිනේරු ඩිලන්ත ප‍්‍රනාන්දු නෙත් නිවුස් වෙත කියාසිටියේ ඒ සම්බන්ධයෙන් මූලික පරීක්‍ෂණයක් පවත්වා කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස ධාවනබල අංශයේ ප‍්‍රධාන ඉංජිනේරුවරයාට නියෝග කළ බවයි.

එහි වාර්තාව ලැබීමෙන් පසු කමිටුවක් පත් කර විමර්ශනයක් සිදුකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා කියාසිිටියා. පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 6.25 ට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියේ මැදිරි දෙකක් මෙලෙස ගැලවී ගියා.

ඉන් කිසිදු හානියක් එහි ගමන් ගත් මගීන්ට සිදුව නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. ගැලවී ගිය දුම්රිය මැදිරි දෙක යළි සම්බන්ධ කර එම දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය කර තිබෙනවා.

Neth)