Tuesday, March 10, 2026
Follow Us
ආහාර අපතේ යාමෙන් ඩොලර් අර්බුදය උග්‍ර වෙයි

රට අර්බුදකාරි තත්ත්වයකට මුහුණ පාමින් ඇති පසුබිමක වුවද, මෙරට බොහෝ නිවෙස්වල මේවනවිටත් ආහාර අපතේ යාම සිදුවනවා. එලෙස ආහාර අපතේ යාම හේතුවෙන් ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන ආහාර අර්බුදය තවත් තීව්‍ර වනු ඇති බවයි විද්වතුන් පෙන්වා දෙන්නේ.

ආහාර අපතේ යාම අඩුකර ගත හොත් ආහාර සදහා වැයවන වියදම ද අඩුකර ගත හැකි බව තම අත්දැකීම බවයි ගල්කිස්ස මහ හෝටලයේ අධ්‍යක්‍ෂ ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා නෙත් නිවුස් සඳහන් කළේ.

ඉදිරියේදී මුහුණ දීමට සිදුවෙතැයි අපේක්ෂා කරන ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා අවශ්‍ය තරම් ආහාර මේ මොහොතේදීත් රට තුළ පවතින බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා. එහෙත් ආහාර අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි ද රට තුළ කෙතරම් පවතින්නේද යන්න සම්බන්ධයෙන් බොහෝ පිරිසක් දැනුවත්ව නොමැති බවයි ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා වැඩිදුරටත් සඳහන් කළේ.

ආහාර අපතේ යාම යනු රටේ ඩොලර් අර්බුදය තවත් උග්‍ර වීමට ද හේතුවක් බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පැවසුවේ.

Neth