Tuesday, March 10, 2026
Follow Us
ලංකාවෙන් විශාල පිරිසක් පිටව යයි

කටුනායක පිටවීමේ පර්යන්තයේ දැඩි තදබදයක්ලු


කටුනායක ගුවන්තොටුපලේ පිටවීමේ පර්යන්තය මේ දිනවල කාර්ය බහුල ස්වභාවයක් දරන බව ගුවන්තොටුපල නිලධාරීන් පවසති.

විදේශ රැකියා සඳහා පිටව යන අයට රජයෙන් වැඩි පහසුකම් ලබා දීම මත වැඩි පිරිසක් විදේශ රැකියා සඳහා පිටවීම, අධ්‍යාපන කටයුතු සඳහා සිසුන් පිටත් වීම, මෙරටට පැමිණ සිටින විදේශ සංචාරකයන් තම රටවල් වලින් යළි කැඳවීම මීට හේතු වී ඇති බව වාර්තා වේ.

නමුත් ශ්‍රී ලංකාවට ඇතුළු වීමේ පර්යන්තය එතරම් කාර්යබහුල වීමක් දක්නට නොලැබෙන බව වැඩිදුරටත් වාර්තා වේ.

Aruna