Wednesday, September 02, 2026
Follow Us
තවත් සිසුවෙක් හා සිසුවියක් අතුරුදන්

අතුරුදන් වූ සිසුවිය කිහිපදෙනකු අතින් අපයෝජනයට ලක්වෙලා


අවිස්සාවේල්ල සහ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙක් සහ සිසුවියක් අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා ඇත.

අවිස්සාවේල්ල, කොටගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි පාසල් සිසුවකු අතුරුදන්වීම සම්බන්ධව පැමිණිල්ලක් අවිස්සාවේල්ල පොලිසියට ලැබී ඇත.

සිය දරුවා නිවෙසට නොපැමිණි බව පවසා පාසල් සිසුවාගේ දෙමාපියන් අවිස්සාවේල්ල පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කල්මුණේ ප්‍රදේශයේ පරිවාස භාරයේ සිටි 16 හැවිරිදි දැරියක් පෙරේදා (29 වැනිදා) සිට අතුරුදන්වී ඇතැයි කල්මුණේ පොලිසිය සඳහන් කරයි.

අම්පාර, නින්දවූර් ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතුරුදන් වූ සිසුවිය මීට පෙරදී පුද්ගලයන් කිහිප දෙනකු විසින් අපයෝජනයට ලක්වීම නිසා අධිකරණය විසින් පරිවාස භාරයට යොමුකර තිබුණි.

ඇය පෙරේදා දිවා ආහාරය ගැනීමෙන් පසුව පස්වරු 2.30 ට පමණ අතුරුදන්වී ඇතැයි පරිවාස පාසලේ භාරකරු පොලිසියට දැනුම් දී තිබේ.

Aruna