Tuesday, March 10, 2026
Follow Us
ගෑස් පෝලිම් වලට යන්න එපා

ගෑස් ගොඩ බෑමට කාලගුණේ හරස් වෙයි


සාමන්‍ය පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ කටයුතු සිදු කිරීමට තවත් දින තුනක් පමණ ගත වන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමග මුහුද රළු ස්වභාවය හේතුවෙන් මෙරටට පැමිණි නෞකාවේ ගෑස් ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් එම ප්‍රමාදය සිදුවන බව එම සමාගමේ සභාපති විජිත හේරත් මහතා පැවසුවේය.

එම හේතුවෙන් ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

(Aruna)