Tuesday, March 10, 2026
Follow Us
අද සිට නැවතත් ගෑස් වෙළෙඳපොළට

ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්


දින 17කට පසු නැවතත් ලිට්‍රෝ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද (18 ) සිට ආරම්භ කෙරේ.

ඒ අනුව අද දින ගෘහස්ථ ගෑස් සිලින්ඩර අසුදහසක් වෙළෙඳපොළට නිකුත් කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් පැවසීය.

මෙරටට ආනයනය කර ඇති මෙට්‍රික් ටොන් 3700 බැගින් වූ ගෑස් නැව් දෙකක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන හතක මුදලක් ඊයේ (17 වැනිදා) ගෙවීම් සිදු කළ බවද සභාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම තවත් ගෑස් මෙට්‍රික් ටොන් 3700කින් සමන්විත නෞකාවක් අද මෙරටට පැමිණීමට නියමිතව ඇත.

(Aruna)