Tuesday, May 05, 2026
Follow Us
ලිට්‍රෝ සමාගමෙන් පාරිභෝගිකයින්ට පණිවිඩයක්

ගෑස් නෞකා දෙකකට මුදල් ගෙවයි


ගෑස් රැගත් නෞකා දෙකක් සඳහා මුදල් ගෙවීම් සිදුකළ බව ලිට්‍රෝ සමාගම සදහන් කරයි.

එහි සභාපති විජිත හේරත් පැවසුවේ ගෑස් මෙට්‍රික් ටොන් 2800ක තොගයක් සහිත නෞකාවෙන් ගෑස් ගොඩබෑම අද රාත්‍රියේ සිට ආරම්භ කෙරෙන බවයි.

එමෙන්ම හෙට (18) දිනයේ සිට දෛනිකව ගෘහස්ත ගෑස් සිලින්ඩර 80,000ක් බෙදාහරින බවද ලිට්‍රෝ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)