Tuesday, March 10, 2026
Follow Us
ඩීසල් බෙදා හැරීම අද යළි ඇරඹෙද්දී පෙට්‍රල් බෙදා හැරීම 10%ක් දක්වා අඩුවෙයි

ඊයේ දින ඩීසල් නෞකාවක් පැමිණීම නිසා මේ වන විට දිවයින පුරා ඩීසල් බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබෙන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ශාන්ත සිල්වා මහතා අද (17) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

ඒ අනුව දිවයින පුරා සෑම ඉන්ධන පිරවුම්හලක් වෙතම ඉන්ධන බෙදා හැරීම සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

නමුත් ඊයේ දින සිට පෙට්‍රල් ප්‍රමාණවත් පරිදි නොතිබීම නිසා අද දවසේදී පෙට්‍රල් බෙදා හැරීම 10%ක් පමණ දක්වා අඩු වී ඇති බවයි සිල්වා මහතා පැවසුවේ.

(LNW)