Thursday, February 12, 2026
Follow Us
ලංකා IOC සමාගමත් ඉන්ධන මිල පහළ දමයි

මුදල් අමාත්‍යාංශයේ ඉන්ධන මිල සුත්‍රයට සාපේක්ෂව සිදුකල මිල සංශෝධනයට අනුව ලංකා IOC සමාගමද සිය ඉන්ධන මිල අද සිට පහත හෙලා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටර රුපියල් 02කින් (රු:164), සුපිරි ඩීසල් රුපියල් 02කින් (රු:132) පහත දමා තිබෙනවා.

ඔක්ටෙන් 92 වර්ගයේ පෙට්‍රල්වල සහ ඔටෝ ඩීසල් මිලෙහි වෙනස්කම් සිදු නොකරන බවයි එම සමාගම සඳහන් කර සිටින්නේ.

(Neth)