Tuesday, May 05, 2026
Follow Us
ප්‍රචණ්ඩක්‍රියාවල නිරත 398ක් අත්අඩංගුවට

නිවාස බැලීමට ගිය මන්ත්‍රීවරු


පසුගියදා සිදු වූ කලහකාරී තත්ත්වය හමුවේ ප්‍රචණ්ඩක්‍රියාවල නිරත වූ 398 දෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

මේ අතර කලහකාරී තත්ත්වය අතරතුර පුද්ගලයන් ගිනිබත් කොට විනාශ කළ සිය නිවාස බැලීමට ඇතැම් මන්ත්‍රීවරුන් (16) එම ස්ථාන වෙත ගියේය.

මැයි 9 වනදා රට තුළ ඇති වූ කළහකාරී වාතාවරණය හමුවේ කුපිතවූ ඇතැම් පිරිස් මහජන නියෝජිතයින්ට අයත් නිවාස මෙන්ම තවත් දේපළ රැසක් ගිනිතබා විනාශ කළේය.

(Aruna)