Tuesday, March 10, 2026
Follow Us
අද සිට දුම්රිය සාමාන්‍ය පරිදි

රාත්‍රී තැපැල් දුම්රියන් දෙකක් ධාවනය නොවෙයි


අද (17) සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එහි සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනවිරත්න පැවසුවේ දෛනික කාර්යාල දුම්රියද සාමාන්‍ය පරිදි ධාවනය වන බවයි.

ඒ අනුව උදෑසන කාර්යාල දුම්රිය සියල්ලම මේ වන විට ධාවනය කරවීමට සැලසුම් කර ඇති අතර, දුරගමන් සේවා දුම්රිය සියල්ලම අද දිනයේ ධාවනය කෙරරෙන බව ඔහු පැවසීය.

රාත්‍රී තැපැල් දුම්රිය අතරින් යාපනය සහ මඩකලපුව බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් හැරුණුකොට අනෙකුත් රාත්‍රී තැපැල් දුම්රියන් ධාවනය කිරීමට පියවර ගෙන ඇති බව ගාමිණී සෙනවිරත්න වැඩිදුරටත් පැවසීය.

(Aruna)