Tuesday, March 10, 2026
Follow Us
පොලිස් නිළධාරීන් දහසක් කොළඹට කැඳවයි – තවත් පෙරළියක්ද ?

පළාත් කිහිපයකින් පොලිස් නිළධාරීන් 1000 ක් පමණ කොළඹ නගරය වෙත කැඳවා තිබෙනවා. උතුර, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත්වලින් මෙම නිළධාරීන් කොළඹට කැඳවා ඇති අතර පොලිස් විද්‍යාලයෙන්ද නිළධාරීන් පිරිසක් කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

අද පස්වරුවේදී කොළඹ දකුණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක මිරිහාන පොලිස් ක්‍රීඩාංගනය වෙත වාර්තා කරන ලෙස අදාල නිළධාරීන් දැනුවත් කර ඇති අතර ජාතික හා පොලිස් හැඳුනුම්පත්, සාක්කු සටහන් පොත, වැහි කබා, ආරක්ෂිත හිස් වැසුම් , නිළ මුගුර රැගෙන ආයුතු බවද දැනුම් දී තිබේ.

මෙම නිළධාරීන් පිරිස හෙට (17) සිට 20 වැනිදා දක්වා විශේෂ රාජකාරි සඳහා යෙදවීමට නියමිතය.

(LNW)