Tuesday, March 10, 2026
Follow Us
කැරලි කෝලාහල වැඩිවුනොත් ඖෂධ හිගයත් උග්‍ර විය හැකියි - වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

ප්‍රචණ්ඩත්වය දිගටම පැවතුනහොත් රෝගීන් වැඩි සංඛ්‍යාවක් රෝහල්වලට ඇතුළත් කිරීමට හැකියාවක් ඇති බැවින් එම තත්ත්වය හරහා ඖෂධ සහ ශෛල්‍ය ද්‍රව්‍ය හිගය ඉහළ යා හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.

එබැවින් විරෝධතා සාමකාමීව සිදුකරන ලෙස මෙරට පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බවයි එම සංගමය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙන්නේ.

අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට සහ ගාලු මුවදොර දී නිරායුධ සිවිල් වැසියන්ට ප්‍රහාරයක් එල්ල කිරීම තරයේ හෙළා දකින බව ද එම නිවේදනයේ සඳහන්.

මේ අතර සාමකාමී ජනඅරගලයට එල්ල කළ ප්‍රහාරය හෙළා දකිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද මේවනවිට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

(Neth)