Tuesday, March 10, 2026
Follow Us
පොහොට්ටුවේ ආධාරකරුවෝ ගෝඨාගමට පහරදෙයි

මහින්දගේ කතාවෙන් පස්සේ පාක්ෂිකයෝ ගත්තු තීන්දුව

අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝ ගම ප්‍රදේශයේ සාමකාමී විරෝධතාවයේ නියැලී සිටි පිරිස පලවා දැමූ පො‌දුජන පෙරමුණේ ආධාරකරුවන් පිරිස මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලය ඇති ගෝඨාගෝ ගමට පහරදීමට පටන් ගෙන තිබේ.

අප වාර්තාකරුවන් සදහන් කළේ ගෝඨාගෝ ගමෙහි කූඩාරම්, දැන්වීම් පුවරු, සහ ඔවුන්ගේ භාණ්ඩ වලට පහරදී ඇත.

ආරක්ෂක අංශ බලා සිටියදී පොදුජන පෙරමුණේ ආධාරකරුවන් මේ වන විට ගෝඨාගෝ ගම විරෝධතාකරුවන්ට පහරදී ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තා වේ.

(Aruna)