Tuesday, March 10, 2026
Follow Us
හෙට සිට අඛණ්ඩව විරෝධතා සතියක්

වෘත්තීය සමිති රැසක් ආණ්ඩුවට එරෙහිව කරන්න යන දේ


හෙට (09) දින සිට අඛණ්ඩව විරෝධතා සතියක් පවත්වන බව වෘත්තීය සමිති එකමුතුව පවසයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් පැවසුවේ හදිසි නීතීය පනවා විරෝධතා මර්දනය කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිව එම විරෝධතා සංවිධානය කරන බවයි.

මේ අතර ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා ප්‍රකාශ කළේ ආණ්ඩුව ඉවත් වන තෙක් විරෝධතාවල නිරතවන බවයි.

(Aruna)