Tuesday, March 10, 2026
Follow Us
ශෂී වීරවංශගේ පාස්පෝට් නඩු තීන්දුව යළිත් කල්යයි … !!

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවන් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මැයි 13 වනදා දක්වා කල්තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (06) නියම කර තිබේ.

මෙම නඩුවෙහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම මෙසේ කල්තැබුණේ දෙවැනි වතාවට ය.

නඩුවෙහි සාක්ෂි විභාගය පෙබරවාරි මාසයේදී අවසන් වූ අතර එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණේ පසුගිය මාර්තු මාසයේදී ය.

(LNW)