Tuesday, March 10, 2026
Follow Us
දිවා ආහාර සැපයුමට බාධා

පාසල් දිවා ආහාරය ලබාදීමේ වැඩසටහනට බාධා


රටේ පවතින උද්ධමනකාරී තත්ත්වය හමුවේ තෝරාගත් පාසල් සඳහා ක්‍රියාත්මක කෙරෙන දිවා ආහාරය ලබාදීමේ වැඩසටහන සඳහා බාධා මතුවී තිබේ .

ඒ හේතුවෙන් දිවා ආහාරය ලබාදීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුව ඇති බවත් මෙම තත්ත්වයට විසඳුම් ලෙස ඉදිරියේ දී චීනයෙන් ලැබීමට නියමිත සහල් මෙට්‍රික් ටොන් 5,000ක ප්‍රමාණය අදාළ පාසල් වෙත යොමුකිරීමට සැලසුම් කර ඇති බවත් පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශ අතිරේක ලේකම් මහින්ද එස්. යාපා මහතා සඳහන් කළේය.

(Aruna)