Tuesday, March 10, 2026
Follow Us
දුම්රිය ධාවනයට බාධා

දුම්රිය ගමන්වාර කිහිපයක් පමණක් ක්‍රියාත්මකයි


දුම්රිය ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය පවසන ආකාරයට මේ වන විට සියලුම දුම්රිය ධාවන කටයුතු අත්හිටුවා තිබේ.

සියලු රාජ්‍ය සේවකයින් සිය රාජකාරී කටයුතු වලින් බැහැරව වැඩවර්ජනය සඳහා සහාය දෙන බව එහි කැඳවුම්කරු එස්.පී.විතානගේ මහතා පවසයි.

එසේම දුම්රිය වෘත්තීය සමිති රැසක් ප්‍රකාශ කර සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හර්තාල් ව්‍යාපාරයට සහාය දැක්වීම සඳහා රාජකාරී කටයුතුවලින් ඉවත් වූ බවයි.එම නිසා රියදුරන් නොමැතිවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනය කිරිමට නියමිතව තිබූ දුම්රිය වාර තුනක් ද ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.

නමුත් දුම්රිය සාමාන්‍යාධිකාරි ගාමිණී සෙනරත් මහතා පැවසුවේ දුම්රිය ගමන්වාර කිහිපයක කටයුතු මේ වන විට ක්‍රියාත්මක වන බවයි.

(Aruna)