Tuesday, March 10, 2026
Follow Us
පිහි පහරින් බිරිඳ මරුට

ඝාතනය සිදුකර ඇත්තේ ස්වාමියා විසින්


අක්මීමණ, අංකොක්කාවල ප්‍රදේශයේදී ස්වාමිපුරුෂයෙකු විසින් බිරිඳට පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලත් මත ඇතිවූ බහින් බස්වීමක් හේතුවෙන් එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (03) සවස් කාලයේදී එම ඝාතනය සිදුව ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 36 හැවිරිදි අංකොක්කාවල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

ඝාතනය සිදුකළ සැකකරු අක්මීමණ පොලීසිය වෙත භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් අක්මීමණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

(Aruna)