Tuesday, March 10, 2026
Follow Us
නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීය වෙයි

නොරොච්චෝල විදුලි බලාගාරයේ මෙගාවොට් 270ක විදුලි ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක් ඇතිවී තිබෙන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

අදාළ විදුලි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු ආරම්භ කර ඇති අතර ඒ සඳහා දින 5 ක් ගත වෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් දැනුම් දී සිටියි.

තාප හා ජලවිදුලි බලාගාර ක්‍රියාත්මක කිරිමෙන් විදුලිය විසන්ධි කිරිම දීර්ඝ නොකට එය කළමනාකරණය කරන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටින්නේ.


(Neth)