Tuesday, March 10, 2026
Follow Us
අවාසනාවන්ත ලෙසින් නාඹර කැකුළක් පරවෙයි

රටම කම්පා කරමින් විදුලි කැපිල්ල නිසා අහිමි වූ ජිවිතය


විදුලි බලය විසන්ධි කර තිබූ අවස්ථාවක ලාම්පු එළියෙන් පාඩම් කරමින් සිටි 16 හැවිරිදි පාසල් දැරියක ජිවිතක්ෂයට.
පත්ව තිබෙනවා .

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ යාපනය, සන්ඩිලිපායි ප්‍රදේශයේදී පාසල් දැරියක්

ඒම දැරිය මෙවර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් පාඩම් කරමින් සිට ඇති අවස්ථාවක ලාම්පුව පෙරළී කාමරය තුළ ගින්නක් හටගෙන ඇති බව පොලිසිය සදහන් කලේ.

ගින්න හටගත් අවස්ථාවේ පියා විසින් ගෙන එන ලද පෙට්‍රල් බෝතලයක් ද ගිනිගෙන ඇති අතර, එහිදී දැරිය පිළිස්සි ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

මියගිය දැරියගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය වෙනුවෙන් යාපනය, සංගානෙයි රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමුකොට ඇති බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා

(Aruna)