Wednesday, April 01, 2026
Follow Us
හෙට කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 18ක් ජල සැපයුම අත්හිටුවයි

කැලණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට හෙට උදෑසන 9 සිට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කැලණිය ගඟ දකුණු ඉවුරේ ව්‍යාපෘතිය, දෙවන අදියරේ නව ජල නළ පද්ධතිය සම්බන්ධ කිරීමේ කටයුතු හේතුවෙන් එම ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.

ජා-ඇල සහ කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශය, වත්තල, මාබෝල, , වත්තල, මහර සහ ජා- ඇල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතව ඇත.

(Aruna)