Monday, March 09, 2026
Follow Us
වෘත්තිය සමිති අද කළු විරෝධතාවක

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ගාලුමුවදොරදී පැවැත්වෙන විරෝධතාව අද 12 වන දිනටත් ක්‍රියාත්මක වනවා. රඹුක්කන සිද්ධියේදී මියගිය පුද්ගලයා සිහි කරමින් ගාලුමුවදොර විරෝධතාවට ඊයේ රාත්‍රියේ එක්ව සිටි පිරිස ජංගම දුරකතනවල විදුලි ආලෝක දල්වා ඔහු සිහිපත් කිරීමටද කටයුතු කළා.

මේ අතර ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් වෘත්තිය සමිති රැසක් අද කළු විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් පැවසුවේ සිය රාජකාරීවලට බාධාවක් නොවන අයුරින් වෘත්තිය සමිති නියෝජිතයින් එම විරෝධතාව සිදුකරන බවයි.

(Neth)