Monday, March 09, 2026
Follow Us
අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩිවෙන්න පුළුවන් – ගැමුණු

ඉදිරියේදී පැමිණෙන බස් ගාස්තු සංශෝධන ප්‍රතිපත්තියේ වාර්ෂික මිල සංශෝධනය අනුව අවම බස් ගාස්තුව රුපියල් 40ක් දක්වා වැඩිවීමට ඉඩ ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

“බරපතළම ගැටලුව තමයි ජාතික ප්‍රතිපත්තියේ වාර්ෂික සංශෝධනය තව මාස දෙකකින් එනවා. එතකොට අවම බස් ගාස්තුව දෙගුණයක් වෙන්න බොහෝදුරට ඉඩකඩ තියෙනවා. ඒ කියන්නෙ රුපියල් 20 ගාස්තුව බොහෝදුරට රුපියල් 40ක් දක්වා වැඩිවෙන්න ඉඩ තියෙනවා. මේක ජනතාවටවත් කර්මාන්තකරුවන්ටවත් දරාගත නොහැකි ප්‍රශ්නයක්”

ගැමුණු විජේරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (18) දහවල් පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජතෙල් සංස්ථාව ද ඉන්ධන මිල වැඩිකර තිබිණි.

(LNW)