Monday, March 09, 2026
Follow Us
මාතර කට්ටඩි අරගල භූමියේ 18 සන්නිය නටයි

අරගල බිමේ යක් බෙර රැවු දේ


නොනැවතී ඉදිරියට යන ගාලුමුවදොර විරෝධතා භූමියේ දී ඊයේ (16) රාත්‍රීයේ 18 සන්නිය නටා තොවිලයක් සිදු කර තිබේ.

මේ වන විට රට මුහුණපා ඇති විපත්වලින් මාතෘභූමිය බේරාගෙන, දෙවියන්ගේ ආරක්ෂාව මව් බිමට ලබාදෙන ලෙස ඉල්ලමින් සහ දූෂිත පාලනය මෙරටින් අතුගා දමන ලෙස දෙවියන්ට භාර කරමිනුයි මෙම කටයුත්ත සිදුකර ඇත.

මීට අමතරව අරගල භූමියේ රැඳී සිටින ජනතාව ආරක්ෂා කිරීම ද දෙවියන්ට භාර කිරීම මෙම 18 සන්නිය නැටීමේ අරමුණ වී තිබේ.

(Aruna)