Monday, March 09, 2026
Follow Us
නොවිසදුනු ගැටළු නිසා යල කන්නය ගැනත් ගොවීන් දෙගඩියාවෙන්

යල කන්නයේ වගා කටයුතු කර ගෙන යාමේ දී ගැටළු රැසකට මුහුණ දීමට ගොවීන්ට සිදුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ ගොවීන්ට ඉන්ධන ලබාගැනීම සඳහා හදුන්වාදී ඇති නව ක්‍රමවේදය ද ප්‍රායෝගික නොවන බවයි.

ගොවීන්ගේ මුහුණ පා සිටින මෙම ගැටළුවලට විසදුම් ලබාදීමට ද බලධාරීන් මෙතෙක් කටයුතු කර නොමැති බවයි ඔහු වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)