Monday, March 09, 2026
Follow Us
අත්නොහැරීම තුළින් වෙන දේ – කාදිනල් හිමි

කාදිනල් හිමිගෙන් ප්‍රකාශයක්


අත්නොහැරීම තුළින් තමන්ගේ මෙන්ම අනුන්ගේ ජීවිත ද විනාශයට පත්වන බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක්විඳීම සහ කුරුසය මත දිවිපිදීම සිහිකෙරෙන මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙයට එක් වෙමින් කාදිනල් හිමියන් මේ බව කියා සිටියේය.

අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්ගේ ප්‍රධානත්වයෙන් මහ සිකුරාදා ප්‍රධාන දේව මෙහෙය අද (15) පස්වරුවේ කොටහේන ශාන්ත ලුසියා ආසන දේවස්ථානයේදී පැවැත් වුණි.

එහිදී අදහස් දැක්වූ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියන්,

“ක්‍රිස්තුස් වහන්සේ කියන්නේ මොකක්ද? අත්හරින්න.. අත්හරින්න.. නිත්‍යානුකූලව අපි සතු හැම දෙයින්ම නිදහස් වෙන්න කියලා. වැඩිම වුණොත් අවුරුදු 100ක් ජීවත් වෙන්න පුලුවන් වෙයි. ඒ සියල්ලම අත්හැරලා දාලා හතර රියන් කොටුවට යන්න ඕනේ අපි හැමෝම. එහෙමනම් අපි හැමෝම මේ සම්පත්, මේ වස්තුව, මේ බලය, තණ්හාවෙන් අල්ලගෙන ඒවා අත්හරින්නේ නැතුව අපේ ජීවිතයත් කාලකණ්ණි කරගෙන, අනුන්ගේ ජීවිතත් කාලකණ්ණි කරන්න කටයුතු කරන්නේ

(Aruna)