Monday, March 09, 2026
Follow Us
ධම්මික ප්‍රසාද් සත්‍යග්‍රහයක

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් දෙන්න


කොළඹ ගාළු මුවදොර අසල පැවැත්වෙන විරෝධතා භූමිය වෙත පැමිණි ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රිඩකයෙකු වන ධම්මික ප්‍රසාද් එහි සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඔහු පවසා ඇත්තේ තමන් පැය 24ක් නිරාහාරව සිටිමින් මෙම සත්‍යග්‍රහයේ නිරත වන බවයි.

පාස්කු ප්‍රහාරයේ වරදකරුවන් වෙත දඬුවම් ලබාදීමත් පුරවැසියන් වෙත සාධාරනය ඉටුකරන ලෙසත් ඉල්ලා තමන් සත්‍යග්‍රහය ආරම්භ කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය.

(Aruna)