Monday, March 09, 2026
Follow Us
පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදයි

සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර


මෙවර සිංහල සහ හින්දු අලුත් අවුරුද්දේ චාරිත්‍ර අතරින් දෙවන චාරිත්‍රාංගය වන පරණ අවුරුද්ද සදහා ස්නානය කිරීමේ චාරිත්‍රය අදට (13) යෙදී තිබේ.

කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කර ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදෙන ලෙසයි නැකැත් සීට්ටුවේ දැක්වේ.

සිංහල අවුරුදු චාරිත්‍රාංගවල පවිත්‍රතාව කෙරෙහි දක්වනු ලැබ ඇත්තේ ඉතා ඉහළ සැලකිල්ලකි.

එබැවින් ඕනෑම සුබ කටයුත්තකට පෙර ස්නානය කිරීමේ චාරිත්‍රයක් ඇතුළත්ව තිබෙනු දැකිය හැක.

අලූත් අවුරුද්ද යනු පාරිශුද්ධත්වය හා සෞභාග්‍ය මුල් කරගත් චාරිත්‍ර විධියක් වන බැවින් ඊට සූදානම් වීම සඳහා මේ ආකාරයෙන් ස්නානය කිරීම යෝග්‍ය බව ජ්‍යොතිශයේ සඳහන් වේ.

මෙවර සිංහල සහ අලුත් අවුරුදු උදාව සිදුවන්නේ හෙට (14) පෙරවරු 08.41 ටයි.

(Aruna)