Tuesday, May 05, 2026
Follow Us
මිරිහාන සිද්ධියට තවත් 23 දෙනෙකු රිමාන්ඩ්

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලැබුණු නියෝගය


මිරිහානේ සිද්ධියට අත්අඩංගුවට ගෙන දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන 23 දෙනෙකු අනිද්දා දිනය තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් පරිදි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය මොවුන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් මෙම නියෝගය ලබාදී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

(Aruna)