Thursday, July 10, 2025
Follow Us
අගමැති ලේකම් දූෂණ වංචා සෙවිමේ ජනාධිපති කොමිසමට

අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, රාජ්‍ය ආයතනවල දූෂණ වංචා සෙවිමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම වෙත අද කැඳවා තිබෙනවා. ඒ, කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප‍්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහායි.

අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඉකුත් 27 වනදා ද, මෙම කොමිසම හමුවේ පෙනී සිටියා. බදු ගිවිසුමක් මත අදාළ ගොඩනැගිල්ලේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන ගොස් ඇති අතර ඊට අදාළ කැබිනට් පති‍්‍රකාව අග‍්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ බවට ද මෙම කොමිසම හමුවේ අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළ ලිපිගොනු රාජ්‍ය ආයතනවල ¥ෂණ වංචා සෙවීමේ කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙසයි අග‍්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක වෙත එහි නියෝජිතයින් දැනුම් දී ඇත්තේ

(Neth)