Wednesday, April 01, 2026
Follow Us
පාස්කු ප්‍රහාරයට සැකකරුවන් 293ක් අත්අඩංගුවේ

ඉකුත් අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ දක්වා සැකකරුවන් 293 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කර සිටිනවා.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් සැකකරුවන් 115 දෙනෙක් මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත් තවත් සැකකරුවන් 178 දෙනෙකු රැඳවුම් නියෝග යටතේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ.

(Neth)