Wednesday, April 01, 2026
Follow Us
සහරාන්ගේ දියණිය ගැන අධිකරණයෙන් නියෝගයක්

පාස්කු ඉරිදා ප‍්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම්ගේ දියණිය ඔහුගේ බිරිඳගේ මව්පියන් වෙත භාර දෙන ලෙස කොළඹ කොටුව මහේ්ස්ත‍්‍රාත් රංග දිසානායක නියෝග කර තිබෙනවා.

වයස අවුරුදු 04 ක් වන එම දැරිය සුුදුසු භාරකාරීත්වයකට යොමු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් දා අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුවයි කොළඹ කොටුව මහේ්ස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර ඇත්තේ. කෙසේවෙතත් දරුවා අධික්ෂණය කරන ලෙස අධිකරණය පරිවාස නිලධාරීන් වෙත ද නියෝග කර තිබෙනවා.

(Neth)