Wednesday, April 01, 2026
Follow Us
පොලිස් නිලධාරීන් 14000 ක් එක්වූ විශේෂ මෙහෙයුම

අද (31) අළුයම 2 සිට 6 දක්වා සමස්ථ දිවයිනම ආවරණය වන පරිදි පොලිසිය විසින් සිදු කළ විශේෂ මෙහෙයුමකින් බීමත් රියදුරන් 401ක් ඇතුළු පුද්ගලයන් 3265ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරනවා.

බීමත් රියදුරන් 401ක්, හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය හා නිති විරෝධී මත්ද්‍රසාර අත්අඩංගුවට ගැනීම් 882ක්, වරෙන්තුකරුවන් 1080ක්, තවත් විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයන් 767ක් හා බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිණීම ඇතුළු දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් 135ක් ඇතුළුව පුද්ගලයින් 3265 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊට අමතරව රථ වාහන නඩු ලබා ගැනීම් 4667ක් සිදු කර ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. මෙම විශේෂ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 14695ක් එක්ව තිබෙනවා.

(Neth)