Sunday, July 05, 2026
Follow Us
ජාත්‍යන්තර සමුළුවක් නිසා මුහුදුබඩ මාර්ගයේ කොටසක් වසා තැබේ

කොළඹ මුහුදුබඩ මාර්ගයේ අද සිට විශේෂ රථවාහන ධාවන සැලැස්මක් කි‍්‍රයාත්මක වනවා. ඒ අනුව මුහුදුබඩ මාර්ගයේ වැල්ලවත්ත සිට කොල්ලූපිටිය දක්වා වූ කොටස මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියේ.

මේ, ඒ පිළිබඳ කරුණු දක්වන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර.

කොළඹ දෙසට පැමිණෙන වාහනවලට මුහුදු බඩ මාර්ගය වෙනුවට ගාලූ පාර භාවිත කළ හැකියි. කොළඹින් පිටවන වාහනවලට මුහුදු බඩ මාර්ගය වෙනුවට ඩුප්ලිකේෂන් පාර භාවිත කළ හැකි බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළා.

බම්බලපිටිය දුම්රිය ස්ථානය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙන් මෙම විශේෂ ධාවන සැලැස්ම කි‍්‍රයාත්මක වනවා.

(Neth)