Friday, July 11, 2025
Follow Us
මාස 02 කට යාල වැසෙයි !

ලබන සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාසවලදී යාල ජාතික වනෝද්‍යානයේ කොටසක් වසා තැබීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව යාල පළමු හා දෙවන කලාප එම මාස දෙකේදී වසා තැබෙන අතර ඒ අනුව එම කලාප වෙත පිවිසීමේ අවස්ථාව දෙස්-විදෙස් සංචාරකයන්ට අහිමි වනු ඇත.

කෙසේ වෙතත් අංක හතර, පහ කලාප සහ උඩවලව උද්‍යානය තවදුරටත් සංචාරකයන් සඳහා විවෘත වේ.

සත්ව අභිජනන කටයුතු සහ වනෝද්‍යානය තුළ පිහිටි වැව්, පොකුණු ආදිය ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සඳහා මෙසේ වනෝද්‍යානය වසා තබන බවයි වාර්තා වන්නේ.

වසා තැබෙන කොටස ලබන නොවැම්බර් පළමුවැනිදා සිට සුපුරුදු පරිදි සංචාරකයන් සඳහා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවයි යාල පාලනාධිකාරිය පවසන්නේ.

(LNW)