Wednesday, April 01, 2026
Follow Us
තුන් නිකායම එකක් වෙන්න යයි

ඉදිරියේදී තුන් නිකායම එකතු කර සංඝ සභාවක් පිහිටුවීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර අනු නාහිමියෝ පැවසූහ.

මෙලෙස සංඝ සභාවක් පිහිටුවා එක නායකත්වයක් යටතේ පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද අනු නාහිමියන් කියා සිටියහ.

මේ පිළිබඳව අනෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද උන්වහන්සේ පැවසූහ.

අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඒකාබද්ධව පසුගියදා ශ්‍රී ලංකා අමරපුර-රාමඤ්ඤ සාමග්‍රී මහා සංඝ සභාව නමින් නම් කෙරිණි.

මේ පිළිබඳ ගිවිසුමට අමරපුර නිකායේ සහ රාමඤ්ඤ නිකායේ මහනායක හිමිවරු පසුගිය 16දා අත්සන් තැබූහ.

(Aruna)