Wednesday, April 01, 2026
Follow Us
කඩු සමග තරුණයින් 03 දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට

කඩු 02 ක් සන්තකව සිටි තරුණයින් තිදෙනෙකු යාපනය, වැල්වෙටිතුරෙයි ඌරියකාඩු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, හමුදා නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරක් අනුව කළ සෝදිසි මෙහෙයුමකදීයි.

මෙම තරුණයින් තිදෙනා එම ප්‍රදේශයේ අවන්හලක් අසලදී කඩු රැගෙන කලහාකාරී ලෙස හැසිරී ඇති බවයි අනාවරණ වී ඇත්තේ. හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනුණු සැකකාර තරුණයින් තිදෙනා යාපනය වැල්වෙටිතුරෙයි පොලීසිය වෙත භාර දී තිබෙනවා.

(Neth)