Wednesday, April 01, 2026
Follow Us
සහරාන් සමග පුහුණු වූ ජේ එම් අයි සංවිධානයේ තුනක් අත්අඩංගුවට

ශ්‍රී ලංකාවේ තහනම් සංවිධානයක් වන ජමාතෙයි මිල්ලතු ඊබ්‍රහිම් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් 03 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අම්පාර ප්‍රදේශයේදීයි. රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත අම්පාර පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගත් අය පාස්කු ඉරිදා ප්‍රහාරය සැලසුම් කළ බව කියන මොහොමඞ් සහරාන් සමග පුහුණුවීම් සිදු කර ඇති අය බව ද මූලික විමර්ශනවලින් අනාවරණ වී තිබෙනවා.

(Neth)