Sunday, March 01, 2026
Follow Us
වී ගොවීන් සිය වගා බිම් ප්‍රමාණයෙන් 30%න් ඉවත්වන ලකුණු

වී ගොවීන් සිය වගා බිම් ප්‍රමාණයෙන් සියයට 30 කට ආසන්න ප්‍රමාණයක් ඉදිරියේදී වගා නොකර ඉවත් කරනු ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා.

එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසුවේ වෙළදපොළ ඉලක්ක කරගනිමින් ගොවීන් ඉදිරියේදී වගා නොකරනු ඇති බවයි.

වී මිලදී ගැනීමට නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම හරහා සහල් මිල පාලනය කළ හැකි බවයි ඔහු සදහන් කළේ.

(Neth)