Sunday, March 01, 2026
Follow Us
කොවිඩ් නිසා පීඩා විදින පුද්ගලයන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමට සෞන්දර්යාත්මක වැඩසටහනක්

කොවිඩ් වසංගතය හමුවේ පීඩා විදින පුද්ගලයන්ගේ මානසික තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සෞන්දර්යාත්මක වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.

පවතින තත්ත්වය හමුවේ පීඩාවට පත්ව සිටින මහල් නිවාසවල වෙසෙන ජනතාව වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික තරුණ සේවා සභාව පැවසුවේ. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ රසිත දෙලපොල.

බස්නාහිර පළාත කේන්‍ද්‍ර කරගනිමින් තෝරා ගත් ස්ථානවලදී එම වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්‍ෂ රසිත දෙලපොල වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)