Sunday, March 01, 2026
Follow Us
ග්‍රාම සේවා නිලධාරීන් බහුතරයකට කොවිඩ් ආසාදනය වූ හැටි හෙළිවෙයි

දෛනික ආදායම අහිමි වූ පුද්ගලයන්ට රුපියල් දෙදහසේ දීමනාව බෙදාදීම වැඩපිළිවෙල හරහා ග්‍රාම නිලධාරීන්ට කොරෝනා වෛරසය ආසාදනයවීමේ ඉහළයාමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසනවා. එහි සභාපති ඩබ්ලිව් ජී කමල් කිත්සිරි පැවසුවේ සිය සාමාජිකයින් 500 දෙනෙකුට පමණ මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

ග්‍රාමීය මට්ටමින් කෙරෙන ඇතැම් කොරෝනා මර්දන වැඩසටහන් සම්බන්ධයෙන් අදාළ බලධාරීන් ග්‍රාම නිලධාරීන් දැනුවත් නොකරන බවද මෙහිදී චෝදනා කළා.

(Neth)