Sunday, March 01, 2026
Follow Us
දරුණුම කොවිඩ් ප්‍රභේදය කොළඹට පැමිණිය හැකියි

විදේශිකයින්ගේ පැමිණීමත් සමග නව ප්‍රභේදය ඇතුළුවිය හැකියි


කොවිඩ් වෛරසයේ ප්‍රභේදයන්ගෙන් දරුණු ප්‍රභේදයක් වන අප්‍රිකානු ප්‍රභේදය වන C.1.2 ඩෙල්ටා ප්‍රභේදය කොළඹ නගරයට අනිවාර්යයෙන්ම පැමිණිය හැකි බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පවසයි.

ඒ මහතා පැවසුවේ විදේශිකයින් විශාල වශයෙන් මෙරටට පැමිණෙන බැවින් අප්‍රිකානු ප්‍රභේදය ද මෙරට පැමිණිය හැකි බවයි.

කොළඹ නගරය ආර්ථික වශයෙන් වැඩි පිරිසක් ගමන් කරන ප්‍රදේශයක් බැවින් ඕනෑම ප්‍රභේදයක් කොළඹ නගරයට ඇතුළු විය හැකි බව වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)