Sunday, March 01, 2026
Follow Us
ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2, 842ක් හඳුනා ගනියි

මෙරටින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 2, 842 දෙදෙනෙකු හඳුනා ගැනුණා. ඒ අනුව මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන හාරලක්ෂ 80, 478 ක්. ඒ අතරින් හාරලක්ෂ 9, 628 දෙනෙකු මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. මෙරට තුළ මේවනවිට සක්‍රීයව සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 59, 855 ක්.

මේ අතර තවත් කොරෝනා මරණ 131 ක් මෙරටින් ඊයේ වාර්තා වුණා. එම සියලු මරණ ඉකුත් 09 වනදා සිදුව ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත්තේ.

මියගිය පිරිස අතරින් 110 දෙනෙකු අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ පසුවූවන්. මියගිය පිරිස අතරින් 73 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර 58 දෙනෙකු කාන්තාවන් වනවා. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 10,995 ක්.

(Neth)