Saturday, July 12, 2025
Follow Us
හාල් මෝල් සංගමය විපක්ෂ නායක මුණ ගැසෙයි. පාන් පිටි අධෛර්යමත් කිරීමට එකඟ නොවෙයි නමුත් පාර්ලිමෙන්තුවේදී ප්‍රශ්ණය කථා කිරීමට එකඟ වෙයි.

රටේ සියළුම සහල් මෝල් හිමියන්ගේ සංගම් වල නියෝජිතයින් 50 දෙනෙකු විපක්ෂ නායක කාර්යාලයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු බව මොහොතකට පෙර වාර්තා විය.

එහිදී වී ගොවියාගේ සහ හාල් මෝල් කර්මාන්ත කරුවන්ගේ සදාකාලිකව තිබෙන ප්‍රශ්ණ විසඳීමට නම් පාන් පිටි අඩු වීමක් කළ යුතු බවට ඔවුන් විසින් ඉදිරිපත් කළ මතය විපක්ෂ නායකවරයා විසින් පිළිනොගැනීම නිසා ඔවුන් අසතුටින් පිටත්ව ගිය බව වාර්තාවේ.

නමුත් ප්‍රශ්ණය පාර්ලිමේන්තුවේදී කථා කිරීමට ඔහු පොරොන්දු වී ඇති බව වාර්තාවේ. එහිදී ගොවීයාගේ වි මිලදි ගෙන සත්ව ආහාර වලට විකුණන වී අලෙවි වී මණ්ඩලය දියුණු කරන බවට ඔහු පොරොන්දු වි ඇත. ඒ පිළිබඳව මෝල් හිමියන් සතුට පළකොට නැත.

(Lanka Leads)