Saturday, July 12, 2025
Follow Us
රාජගිරියේ බිල්ඩිම : සබීතා පෙරේරා අද ජනාධිපති කොමිසම හමුවට

කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගැනීමේදී සිදුව ඇති බව කියන වංචාවන් පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියව අද (01) බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසම හමුවට කැඳවීමට නියමිතව තිබේ.

අදාළ ගොඩනැඟිල්ල රුපියල් මිලියන 21ක මාසික කුලියකට කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාගැනීම්දී ගොඩනැඟිල්ලේ හිමිකාර පාර්ශ්වය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ පුද්ගලයකු වශයෙන් ඒ මහත්මියගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කර ඇති බවයි කොමිසම සඳහන් කළේ.

කොමිසම විසින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගෙන් ද මේ පිළිබඳව පසුගියදා පැය 7ක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබිණි.

(LNW)