Friday, February 20, 2026
Follow Us
දඹුල්ල තැපැල් කාර්යාලය වසා දමයි

දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය අද (23) සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සිට දඹුල්ල තැපැල් කාර්යාලය වෙත තැපැල් මලු ප්‍රවාහනය කළ සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු බවට හදුනාගැනීම හේතුවෙනි.

දඹුල්ල තැපැල් කාර්යාලය වසා දැමූ බවට නොදත් එහි සේවකයෝ පැමිණ කාර්යාලය අවට රැස්ව සිට ඇති බවට ද තොරතුරු වාර්තා වේ.

විෂ බීජ හරණ කටයුතු වලින් අනතුරුව දඹුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය විවෘත කරන බව එහි ස්ථානාධිපති සාගර කරුණාරත්න මහතා පවසයි.

(Aruna)