Thursday, February 19, 2026
Follow Us
වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙන බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය ප්‍රකාශ කර සිටිනවා.

එලෙස වෛරසය ආසාදනය වී ඇති පිරිස අතර කාන්තා රැඳවියන් 22ක් සහ එක් පිරිමි රැඳවියෙකු සිටින අතර ඔවුන්ව වැලිකන්ද පිහිටි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙතට යොමු කිරීමට නියමිතව තිබෙනවා.

මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රැඳවියන් 26 දෙනෙකුට සහ පිරිමි රැඳවියන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

(Neth)