Thursday, February 19, 2026
Follow Us
ආර්ථික මධ්‍යස්ථාන තුනක් අද විවෘත වේ

නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථාන අද සිට තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරෙනවා.

කෙසේවෙතත්, වැලිසර ආර්ථික මධ්‍යස්ථානය 09 වන සඳුදා විවෘත කෙරෙන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ ප‍්‍රකාශ කළේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තොග වෙළඳාම් කටයුතු අද පෙරවරු 06 සිට පස්වරු 06 දක්වා කි‍්‍රයාත්මකයි.

සෞඛ්‍ය ක‍්‍රමවේදයන්ට අනුව ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු සිදු කිරීමට වග බලාගන්නා ලෙස සියලූ වෙළඳුන්ට සහ සේවකයින්ට දැනුම් දී ඇති බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

(Neth)