Thursday, February 19, 2026
Follow Us
පෑලියගොඩ පොකුර බෝවුණේ මෙන්න මෙහෙමයි

බ්‍රැන්ඩික්ස් පොකුරේ උප පොකුරක් වූ පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයේ කොවිඩ් රැල්ල බිහිවුණේ මුදල් නෝට්ටු මගින් බව අනාවරණය වී ඇත.

මත්ස්‍ය වෙළෙඳුන් අතරට වයිරසය පැමිණියේ ද මුදල් නෝට්ටු මගින් බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

පෑලියගොඩ උප පොකුර ඇරඹී දින දහතුනකදී ආසාදිතයන් 5513ක් මෙරටින් වාර්තා විය.

සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ එක්ව කළ විමර්ශනයකදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට B.1.42 නමැති දරුණු කොවිඩ් වයිරසය පැමිණ ඇත්තේ මුදල් නෝට්ටු මගින් බවට තහවුරු වූ අතර එය ව්‍යාප්ත වීමට මුදල් නෝට්ටු මෙන්ම මත්ස්‍ය වෙළෙඳපොළ තුළ කෑගසන වෙළෙඳුන්ගේ කෙළ බිඳිතිද ඉවහල්ව ඇති බව සොයාගෙන තිබේ.

බ්‍රැන්ඩික්ස් පොකුර ඉකුත් ඔක්තෝබර් 3 වැනිදා ඇරඹී අතර ඉන් පසුව ඇරඹී උප පොකුර ලෙස පෑලියගොඩ පොකුර මතුවන්නේ ඔක්තෝබර් 21 වැනිදාය.

(Aruna)